Tuesday, February 26, 2013

ආදරය

ආදරය විසංයෝජනය කළ විට ඔබට ප්‍රතිපල 4 ක් ලැබේ. 
1. ප්‍රේමවන්තයා
2. දුෂ්ඨයා
3. හෙලන්
4. ගණිකාව
1 සහ 2 පිරිමියාගේ චරිත වන අතර 3 සහ 4 ගැහැණියගේ චරිත වෙයි.ආදරයේ රාමුවකට ඔබ රිංගා ගන්නා විට ඉහත සඳහන් කළ චරිත 4න් එකක් ඔබ රඟ පෑ යුතුම ය. මෙහිදී අනන්‍යතා, අවිසංවාද සහ මධ්‍ය බහිෂ්කාර නියමයන් අපූරුවට ක්‍රියාත්මක වේ. (ඇරිස්ටෝටල්ට පිස්සු! ඌ මොන මගුලට ද ඒ නියමයන් තර්ක ශාස්ත්‍රයට දැම්මෙ?) 
උදාහරණ 1 :- ප්‍රේම කතාවක ප්‍රේමවන්තයන් දෙදෙනෙකු සිටිය නොහැක.(අනන්‍යතා නියමය)
උදාහරණ 2 :- ප්‍රේමවන්තයාට ඔබ දුෂ්ඨයෙකු නම් හෙලන්ට සහ ගණිකාවට ද ඔබ දුෂ්ඨයෙකු වෙයි. (අවිසංවාද නියමය)
උදාහරණ 3 :- ඔබ සැබැවින්ම ඉන්නේ ප්‍රේමයේ රාමුව තුළ නම් ඔබට ප්‍රේමවන්තයාත් දුෂ්ඨයාත් අතර හෝ ගණිකාව සහ හෙලන් අතර මධ්‍ය චරිතයක් රඟපෑමට හැකියාවක් නැත. (මධ්‍ය බහිෂ්කාර නියමය)
හතර දෙනාගේ ව්‍යුහයේ එක් නුගැසුමකට නමක් ලබා දෙන්නේ හතර වටේ පැල් බැඳගත් කාලකණ්නි පරම පවිත්‍ර සමාජයයි. එකක් නාමකරණය වූ සැනින් ඉතිරි නුගැසුම් සියල්ල ඉහත නියමයන්ට අනුකූලව ඉබේ නාමකරණය වෙයි.
ඔබට ඔබේ කොන්දේසි විරහිත ආදරය වෙනුවෙන් ආත්ම පරිත්‍යාගයක් කල හැකි ආකාර දෙකක් වෙයි.
1. සිඩ්නි කාටන්වරයෙකු වීමයි.
2. ඔහු දුෂ්ඨයෙකු වීමට පෙර සහ ඇය ගණිකාවක් වීමට පෙර තමා ම දුෂ්ඨයාගේ නුගැසුමට පැනීමයි.
ඔබට සමාජයීය හංවඩුව පාලනය කිරීමට හැක.
(පොත පත ඇසුරින් නෙවෙයි.)

No comments:

Post a Comment