ආදරය විසංයෝජනය කළ විට ඔබට ප්‍රතිපල 4 ක් ලැබේ.
1. ප්‍රේමවන්තයා
2. දුෂ්ඨයා
3. හෙලන්
4. ගණිකාව
1 සහ 2 පිරිමියාගේ චරිත වන අතර 3 සහ 4 ගැහැණියගේ චරිත වෙයි.ආදරයේ රාමුවකට ඔබ රිංගා ගන්නා විට ඉහත සඳහන් කළ චරිත 4න් එකක් ඔබ රඟ පෑ යුතුම ය. මෙහිදී අනන්‍යතා, අවිසංවාද සහ මධ්‍ය බහිෂ්කාර නියමයන් අපූරුවට ක්‍රියාත්මක වේ. (ඇරිස්ටෝටල්ට පිස්සු! ඌ මොන මගුලට ද ඒ නියමයන් තර්ක ශාස්ත්‍රයට දැම්මෙ?)
උදාහරණ 1 :- ප්‍රේම කතාවක ප්‍රේමවන්තයන් දෙදෙනෙකු සිටිය නොහැක.(අනන්‍යතා නියමය)
උදාහරණ 2 :- ප්‍රේමවන්තයාට ඔබ දුෂ්ඨයෙකු නම් හෙලන්ට සහ ගණිකාවට ද ඔබ දුෂ්ඨයෙකු වෙයි. (අවිසංවාද නියමය)
උදාහරණ 3 :- ඔබ සැබැවින්ම ඉන්නේ ප්‍රේමයේ රාමුව තුළ නම් ඔබට ප්‍රේමවන්තයාත් දුෂ්ඨයාත් අතර හෝ ගණිකාව සහ හෙලන් අතර මධ්‍ය චරිතයක් රඟපෑමට හැකියාවක් නැත. (මධ්‍ය බහිෂ්කාර නියමය)
හතර දෙනාගේ ව්‍යුහයේ එක් නුගැසුමකට නමක් ලබා දෙන්නේ හතර වටේ පැල් බැඳගත් කාලකණ්නි පරම පවිත්‍ර සමාජයයි. එකක් නාමකරණය වූ සැනින් ඉතිරි නුගැසුම් සියල්ල ඉහත නියමයන්ට අනුකූලව ඉබේ නාමකරණය වෙයි.
ඔබට ඔබේ කොන්දේසි විරහිත ආදරය වෙනුවෙන් ආත්ම පරිත්‍යාගයක් කල හැකි ආකාර දෙකක් වෙයි.
1. සිඩ්නි කාටන්වරයෙකු වීමයි.
2. ඔහු දුෂ්ඨයෙකු වීමට පෙර සහ ඇය ගණිකාවක් වීමට පෙර තමා ම දුෂ්ඨයාගේ නුගැසුමට පැනීමයි.
ඔබට සමාජයීය හංවඩුව පාලනය කිරීමට හැක.
(පොත පත ඇසුරින් නෙවෙයි.)
Tuesday, February 26, 2013
ඇයි මං තනියම රෑ 12ට මීගහකොටුවට පයින් ගියේ .... ? හේතුව 'ඇම්ම' විය හැකියි ... මුලින් ම පරිසරය විය යුතු පරිදි ම අඳුරු, පාළු සහ නිස්කලංක විය.. එහෙත් ආඝ්‍රාණයේ සීමාවට එළැඹෙත්ම සියල්ල ම මහා පාපතර මූසලකමකින් වෙලී ගියේය. එහෙත් ආපසු හැරී යා හැකි ද? මගේ තර්කාණුකූල පිරිමියා ඊට ඉඩ දුන්නේ නැත. පෝය පසු වී දවසයි, මට මතක හැටියට.. හඳ සිදුරු උණු තුරු වියන අතරින් පායා තිබුණේය. යාන්තම් කෑල්ලක් අඩුව තිබුණ ද එය පුර හඳ ම විය, වෙනසකට තිබුණේ එය කවදාවත් නැති තරම් අඳුරු පැහැයක් ගති... හරියටම කිවහොත් හඳ ලේ පාට ගැහී තිබිණි. ලේ ... ලේ .. ලේ .... කුලියාපිටිය urban legend එක මගේ ඔළුවට රිංගන්නට පටන් ගත්තේ හඳේ ලේ පාට නිසා විය යුතුය. කොලින් විල්සන්ගේ The Mind Parasite කියවීමේ ප්‍රතිවිපාක සියල්ල පොලී සමග මතු වෙමින් පැවතිණි, ඉන්න, ඒ ජනප්‍රවාදගත පාංශුමය ආඝ්‍රාණය දැනෙන්නට පටන් ගත්තේ ඒත් සමගයි .... WTF WTF මම මට ම ඒත්තු ගැන්විමි. Something Scientific මගේ තර්කාණුකූල පිරිමියා Talks Issue කලේය.... ඒත් ඒ මොහොතේ ම මගේ හිසට ඉහලින් සට සටානුකරණයෙන් ලෝකය පෙරැලීම ද මගේ කොඳු නාරටිය දිගේ ක්ෂණික සීතලක් නැග විත් මගේ හෘදය නැවතීම ද සිදු වීම ද කොයි තරම් අභාග්‍යක් ද ? .... මගේ පිහිටට නැවතත් ආවේ මගේ තර්කාණුකූල පිරිමියායි ... වවුලෙක් යකෝ ඌ වවුලෙක් ... ඔහු මගේ බෙල්ලෙන් අල්වා බෙරිහන් දුන්නේ ය .. වවුල්ලු පියාඹන්නෙ නැතුව මොන රෙද්දක් කරන්නද ? ... ඒකත් ඇත්ත ... නිහඬතාවය බින්දේ මං වාගේ කිරි බී වැඩුණු වවුලෙකු අතිනි, මම පෙරටම ඇදුනෙමි. ඊ ළඟට මගේ දකුණු පසින් වූයේ සදාතනික හිස්කමක් රඳවාගත් පාළු පිට්ටනියත් වම් පසින් වූයේ මහා ඛෙදජනක අතීතයකට හිමිකම් කියන, කිසිවෙක් තඹ සතේකට වුව අයිතිවාසිකම් කියන්නට මැලිවන පාළු ජරාජීර්ණ් වුණු ගෙය යි. කාළකණ්නි ආඝ්‍රාණය දැඩිව දැනෙන්නට විය, ආත්මය පුරා වෙව්ලිල්ලක් කාන්දු ගොස් තාර්කික පිරිමියා ද මොහොතකට නිහඬ කරවීය. WTF ඊළඟ මොහොතේ මම ආඝ්‍රාණයේ සීමාව පසු කොට ඇවිද යමින් සිටියෙමි. ඒ ඛේදජනක පුරාවෘතය මගේ මනඃකල්පිතයේ අඳුරු යටගිය තැන් අවුස්සමින් සිටියේය.
ඊළඟ මොහොතේ මම නතර වුනෙමි. SOMETHING IS WRONG ...........
මට කියන්න ඉඩ දෙන්න, පාරේ ඈත පහන් කණුවක් තිබුණේය, 'ලේ' හඳත් පායා තිබිණි, ඒ හැරෙන්නට කණාමැදිරියෙක්වත් එළිය දෙන්නට සිටියේ නැත. එහෙනම් ඇයි මට සෙවනැලි තුනක් !!!!!!!!!!!! ...... තර්කාණුකූල පිරිමියාට කරගන්නට දෙයක් නැත, ඌ කොහෙදෝ පැන ගොසිනි, කොහෙන්ද මට මේ දිගම දිග තුන් වන සෙවනැල්ල ..... ??????????? බල්ලෝ රෑනක් බුරමින් කෙඳිරි ගෑහ, මට නෙවෙයි, මගේ තුන් වන හෙවනැල්ලට .....
පොලිස් ස්ථානයේ නයිට් ඩියුටිය ඉදිරියේ ක්‍රියාත්මක විය,මම නැවතත් ජීවත් වන්නට පටන් ගතිමි......
මගේ ආපසු ගමන ගැන කිසිවක් නොකියමි, මට ඒ මාර්ගයේ ම ආපසු එන්නට සිදු විය, එකම එක දෙයක් කියන්නම්, සද්දන්ත අං තට්ටුවක් හිමි ගෝනෙක් තේජාන්විත ලීලාවෙන් පාර පැන වන ගැබට රිංගා ගත්තේ ය, ඒ මං ආපසු එන විට, කුලියාපිටියේ කොයින් ද ගෝන්නු ... ? සියල්ල පුරාවෘතයට එකඟයි, ඇය, ඔහු, ඔහුගේ සුරතල් ගෝනා, ලේ පාට හඳ, මීට වසර ගණනාවකට පෙර පෝය දිනකින් ඇරඹී ඊට පසු දින රාත්‍රියේ ලෙයින් සටහන් කොට අවසන් වූ ඛේදජනක ප්‍රේම කතාවක් .... ඒ මොහොතේ ඇය රොටී පුළුස්සමින් සිටියා ය.... කාළකණ්නි ආඝ්‍රාණය !!!!! තුන් වැන්නා ... මගේ තුන් වන සෙවනැල්ල ......
සැ.යු. කාලෝ ෆොන්සේකාට කියන්න එපා, මේව මගේ මනස්ගාත ....

Sunday, January 6, 2013
කාරියේ study room එකක බිත්තියක ලියැවුණු කවියක් .... අවුරුද්දකට පසු නැවත වතාවක් කියැවීමි .....
ඒකි මට ආදරෙයිලු.
මාත් ඒකිට ආදරෙයි
ගොඩක් ...
ඒත්, මං පරණ යාත්‍රිකයෙක්
එක තැනක ඉන්න බෑ මට.
මුහුදු සුළඟ කතාකරනව මට
එන්න එන්න
සමුදුර කොඳුරනව මට ...
අත වනන'තර පොල් රුප්පා
සදාතනික සහෝදරත්වය,
අපි අපෙනුත් සමුගන්නා මොහොතක
මං ඒකිටත් සමු දෙනව ....
එදාටත්,
ඒ පාළු ගුරු පාර
තැඹිලිපාට අහස යට
ඔහේ වැතිරිල ඉදීවි නේද? ...
දන්නවද
ඒ මතකයේ පාර දිගේ
ඔහේ ඇවිදගෙන යනව මං
හැමදාම ....
අවසානයක් නෑ,ඇරඹුමක් නෑ
අවතාර විතරයි මතකයක
මගෙ තනියට ඈ වෙනුවට....
මගේ අවසන් ගමනත් යාවි
සමහරවිට,
හදවතේ හිරවුණු ඒ
තැඹිලිපාට හැන්දෑ අහස යට...
ඒ පිස්සු කෙල්ලයි
කාලකණ්නි යාත්‍රිකයෙකුයි
දෛවගත උනු වෙන්වීමකුයි ...
ආයෙත්,
සමුදුර කතා කරනව මට
ආපසු නොහැරෙන ගමනකට
කියාගන්න බැරි තරම් ලොකු ආදරයක්
හිනාවකින් හංගගෙන
සමුදෙනව මං ඒකිටත් ...
GOOD BYE
දඟ නොකර හිටපං.
ඒකි මට ආදරෙයිලු.
මාත් ඒකිට ආදරෙයි
ගොඩක් ...
ඒත්, මං පරණ යාත්‍රිකයෙක්
එක තැනක ඉන්න බෑ මට.
මුහුදු සුළඟ කතාකරනව මට
එන්න එන්න
සමුදුර කොඳුරනව මට ...
අත වනන'තර පොල් රුප්පා
සදාතනික සහෝදරත්වය,
අපි අපෙනුත් සමුගන්නා මොහොතක
මං ඒකිටත් සමු දෙනව ....
එදාටත්,
ඒ පාළු ගුරු පාර
තැඹිලිපාට අහස යට
ඔහේ වැතිරිල ඉදීවි නේද? ...
දන්නවද
ඒ මතකයේ පාර දිගේ
ඔහේ ඇවිදගෙන යනව මං
හැමදාම ....
අවසානයක් නෑ,ඇරඹුමක් නෑ
අවතාර විතරයි මතකයක
මගෙ තනියට ඈ වෙනුවට....
මගේ අවසන් ගමනත් යාවි
සමහරවිට,
හදවතේ හිරවුණු ඒ
තැඹිලිපාට හැන්දෑ අහස යට...
ඒ පිස්සු කෙල්ලයි
කාලකණ්නි යාත්‍රිකයෙකුයි
දෛවගත උනු වෙන්වීමකුයි ...
ආයෙත්,
සමුදුර කතා කරනව මට
ආපසු නොහැරෙන ගමනකට
කියාගන්න බැරි තරම් ලොකු ආදරයක්
හිනාවකින් හංගගෙන
සමුදෙනව මං ඒකිටත් ...
GOOD BYE
දඟ නොකර හිටපං.
Subscribe to:
Comments (Atom)