Saturday, February 15, 2014
රතු හැට්ටකාරිය සහ නපුරු වෘකයා (ළමා කතාවක් නොවේ)
රතු හැට්ටකාරිය වෘකයා මරා භක්ෂණය කලේ නම් ඉන් ඇඟවෙන්නේ කුමක් ද? Red Riding Hood යනු හුදෙක් ම පබා බට්ටි මොඩලයේ කරදරයට පත්වන කාන්තාවන් ගැන කියවෙන කතාවක් නම් පිළිතුර විය හැක්කේ එය ස්ත්‍රීවාදයේ නැගී සිටීමක් බවයි. එහෙත් රතු හැට්ටකාරිය යනු එහෙම පිටින්ම සංකේත ගොඩකි. ඉන් සැබෑවටම කියවෙන්නේ කියන කතාව නොව වෙනත් කතාවකි. අපි පුංචිපහේ මනෝ විශ්ලේෂණයක් කර බලමු. රතු හැට්ටකාරියගේ පලමුවන ලිංගික ඇඟවුම රතු. කතාව පුරාම ඇය රතු පැහැ ලෝගුවක් පැළද සිටියි. රතු යනු ලිංගික උද්දීපනයේ වර්ණයයි. ඇය රතු හැඳ සිටීම ඇය ලිංගික උද්දීපනයකින් සිටින බව සංකේතාත්මකව ප්‍රකාෂ කරයි. කතාවේ ඉතිරි කොටස තුළ ඇගේ මේ ලිංගික අවශ්‍යතාවයට විසඳුමක් ලබා දිය යුතු ය. කතාව ආකෘතික වශයෙන් නිරවද්‍ය වන්නේ ඉනික්බිතිවයි. ගෙදර,රතු හැට්ටකාරිය සංදර්භය තුළ, එය සම්මතය සහ සදාචාරය සංකේතවත් කරයි. ඇය තම නිවසේ සිට සිය මිත්තණියගේ නිවසට යන මග වන සතුන් ගැවසෙන අඳුරු වනයක් වෙයි. එය සංස්කෘතික ජීවියා සදාචාරයෙන් පිටුවහල් කරන ස්ථානයකි. කෙටියෙන් කිවහොත්, ශිෂ්ටාචාරයේ ෆැන්ටසිය(ගෙදර) >> ශිෂ්ටත්වයේ ෆැන්ටසියෙන් නිදහස් වීම(වනය) >> ශිෂ්ටාචාරයේ ෆැන්ටසියට නැවත පැමිණීම(මිත්තණියගේ නිවස) .... ඇය කාන්තාවක් වීම හෙවත් ශිෂ්ටත්වය සහ ප්‍රාග් ලිංගික අවශ්‍යතාවය අතර විසංයෝජනය ඉගෙනගන්නා අවධියේ සිටින නව යොවුන් කෙල්ලකි. රතු හැට්ටකාරිය කතාව යනු ඇගේ මෙම ලිංගික වීර චාරිකාවයි. වෘකයා ප්‍රාග් ලිංගික පුරුෂයා වෙයි, ස්ත්‍රී ෆැන්ටසියේ 'පුරුෂයා' සංකේතවත් කරනුයේ මෙම වෘකයාගෙනි. නවයොවුන් කෙල්ලගේ දවල් සිහිනය තුළ එනම් ශිෂ්ටාචාරයේ රාමුවෙන් මිදුනු තැන ඇගේ සැඟවුණු ආශාවන් විසින් වෘකයාට ආරාධනා කරයි, එහෙත් ශිෂ්ටත්වය තව දුරටත් එය ප්‍රතික්ශේප කරනු ලබයි. වෘකයා අඳුරු වනය තුළදී ලුහු බැදීමට ඇය බියවන්නේ එබැවිනි. ඇය වහ වහා දිවගොස් මිත්තණියගේ නිවසට වැදී දොර වසා ගත්තේ නම් සහ මිත්තණිය පමණක් නිවස තුළ සිටියේ නම් කතන්දරය එතැනින් අවසන් වන්න ඉඩ තිබිණි. එහෙත් නවයොවුන් කෙල්ලක වන ඈ ඇගේ අඳුරු ලිංගික ෆැන්ටසියේ ප්‍රහර්ශයෙන් මත් ව ඇගේ ලිංගික ෆැන්ටසිය ශිෂ්ටත්වයේ ෆැන්ටසිය තුළට ගෙනවුත් තිබේ. දැන් එතැන ඇත්තේ මනෝ ව්‍යාධික තත්ත්වයකි. ඉක්මනට ඇයට අවුල ලිහා දිය යුතුය. මිත්තණියගේ අඟපසඟ විශාල වීම ඇයට මහත් කොට ප්‍රශ්ණයක් වෙයි. "ඇයි ඔයාගේ අත් මෙච්චර ලොකු?" ඇය අසයි. 'විශාල වීම' යනු පුරුෂභාවයයි, එය කෙසේ වෙත් දැයි විමසීම වෙනත් කතන්දරයක් වන අතර දැනට කිව හැක්කේ ඇගේ ලිංගික ෆැන්ටසිය සදාචාරය තුළින් මතුවන්නට පටන්ගෙන ඇති බවයි. අන්තිමට "මං ආවේ උඹව කන්න" කියාගෙන වෘකයා ඇඳෙන් පැනීම තුළින් සදාචාරය පළාගෙන ලිංගික ප්‍රාණියා මතුවීම සිදුවේ. මෙය බොහෝකොට අස්ථාවර තත්වයකි, වහ වහා විසඳිය යුතුය. ඇගේ සුචරිතවාදය වහා දර කපන්නෙකුගේ රූපයෙන් විත් වෘකයා මරා දමයි. ප්‍රශ්නය විසඳී ඇත, ඇගේ ලිංගික වීර චාරිකාව අවසාන වී ඇත. ඇය වෘකයා මරා දැමුවහොත් .... ? බරපතල හිස්ටීරියා තත්වයකි මෙය. එසේම එය අසාමාන්‍ය, පාලන නොකල ලිංගික ආවේගයක ප්‍රතිඵලයකි, වැරදි පැත්තට දිශාගත වූ ලිංගික ආවේගයකි.
අපරාධය සහ මළ-මගුලයි දඬුවම
ඔන්න හදවත බිදුණු ප්‍රේමවන්තයෙක් ඉන්නවා, සද්දන්ත වතුර බෝතලයකුත් අරගෙන මනුස්සයා බහිනවා කාන්තාරෙකට, බරපතල මට්ටමේ කාන්තාර තරණයක් කරල හිත හදාගන්න හිතාගෙන. දවසක් දෙකක් පයින් ගාට ගාට කාන්තාරෙ මැද්දට යන මේ මනුස්සයා මෙන්න මේ කියන වැදගත් දවසෙ ඉන්නෙ කාන්තාරෙ මැද, ඒ කියන්නෙ වතුර-නැතුව-කොහෙට-ගියත්-වල-පල්ල ට කියන ස්ථානයේ. හොඳ වෙලාවට තාමත් වතුර බෝතලේ වතුර ඉතුරුයි.
කතාවෙ තවත් චරිත දෙකක් ඉන්නවා. එකෙක් කෙල්ලගෙ තාත්තගෙ ගෝලයෙක්, අනිකා කෙල්ලෙගෙ අළුත් ප්‍රේමවන්තයා. දෙන්නටම ඕනේ බිදුණු හදවතක් ඇති ප්‍රේමවන්තයව කාන්තාරය මැද සාක්ෂි නැතුවම shut down කරල දාන්න. හැබැයි උන් දෙන්නගෙ අරමුණු ස්වාධීනයි, අඩුමතරමේ එකම අභිප්‍රායක් වෙනුවෙන් තවත් එකෙක් ඇදෙන බව අනෙකා කොහෙත්ම දැන සිටියේ නෑ. ඒත් මෙන්න මේ කියන දවසේ රෑ දෙන්නම හිටියෙ බිඳුණු හදවතක් ඇති ප්‍රේමවන්තයාගේ කූඩාරම දෙපැත්තේ, හැංගිලා, ඉව අල්ලන හයිනාවුන් දෙන්නෙක් වගේ, වෙලාව එනකම්.
මුළින්ම වැඩ ඇල්ලුවේ අළුත් ප්‍රේමවන්තයා. ඔහු කූඩාරම ඇතුළට රිංගනකොට බිඳුණු හදවතක් ඇති ප්‍රේමවන්තයා විරහ හීන බල බල ගොරව ගොරව නිදි. ඉතින් අපේ ප්‍රේමාන්විත ඝාතකයට පුළුවන් වුණා කරදරයක් නැතුව පොටෑසියම් සයිනයිඩ් ටිකක් වතුර බෝතලයට දා ගන්න.
ඒ බව දන්නේ නැති ගෝල මැරයා කලේ ඊට පැය බාගයකට විතර පස්සෙ ඇවිත් වතුර බෝතලේ තිබුණු වතුර/වස ටික හලපු එක. ඔහුට ඕනෑ උනේ හදවත බිඳුණු ප්‍රේමවන්තයා විජලනයෙන් මැරෙනවා දකින්න.
කොහොමහරි අසරණ කතා නායකයා වතුර හොයනකොට බෝතලේ හිස්. ඊළඟ දවසෙ දවල් වෙනකොට ඔහු -විරහ වේදනාව කෙසේ වෙතත් පිපාසයෙන්- මළා.
කෙල්ල ආයෙත් පැත්ත මාරු කළා, සාක්ෂි දුන්නා, දැන් තාත්තාගෙ ගෝලයයි අළුත් ප්‍රේමවන්තයයි දෙන්නම උසාවියේ. නඩුකාරයට තරු විසිවෙලා. ඇයි ... ?
1. අළුත් ප්‍රේමවන්තයා මරණයට වැරදිකාරයා නෙවෙයි. මොක්ද මරණයට හේතුව වස නෙවෙයි.
2. ගෝලයත් මරණයට වැරදිකාරයා නෙවෙයි. මොකද ඔහු හැළුවෙ වතුර නෙවෙයි.
කරුණාකර නඩුකාරයට උදව් කරන්න.

මාකේස්, ගමරාල සහ ඇම්ඩා
ගේබ්‍රියල් ගාර්ෂියා මාකේස් One Hundred Years of Solitude සඳහා සිය රචනා ශෛලිය, එනම් ඉන්ද්‍රජාලික යථාර්තවාදය, නිර්මාණය කර ගන්නේ සිය මිත්තණියගේ කතන්දර කීමේ විලාසය ගුරු කොට ගෙන. කිසිදාක විශ්වාස කල නොහැකි අභව්‍ය කතා ඈ කියන්නේ යථාව සහ ප්‍රබන්ධය අතර වෙනසක් පිළීබඳ කිසිදු භාවමය ඉඟියක් ලබා නොදෙමින්, මාකේස්ගේම වචන වලින් කියනවානම් ඇය සිය ප්‍රබන්ධ සියල්ල කියා පෑවේ "දාරුමය මුහුණකින්", එය හැඟීම් විරහිත ඉදිරිපත් කිරීමක්.
ඇය යථාර්තයට එහා ගිය දේවල් "දාරුමය" මුහුණකින් කියාගෙන කියාගෙන යද්දී අපේ සීයලා ද "දාරුමය" මුහුණු වලින් යුතුව අපේ ජන කතා පරම්පරා ගණනක් තිස්සේ කියාගෙන ගියහ.
අපි මනෝභවික තහංචි(Taboo) කොටුවකට සිරවී සිටිමු. අප සාමාන්‍යයෙන් ඉන් පිටතට පනින්නේ අපගේ ෆැන්ටසියේ දී. ජනකතා කියන්නේ සමාජයීය දෘශ්ඨිවාදයෙන් පාලනය වන ෆැන්ටසි කතන්දර. මේ යථාර්තයට එහා ගිය දේවල් අපේ සීයලා කියන්නෙත් අර "දාරුමය" මුහුණින් මයි. "...... ගමයා උදැහැනැක්කේ හේනට ගිය ඇහැක්කේ මායියා මොකද කලේ හොර මිනිහව ගෙට ගත්තා. ..." සීයා තම මුණුබුරාට මේ "කුණුහරප" කියා දෙන්නේ අර කිසිම හැඟීමක් විශේෂයක් නැති "දාරුමය" මුහුණින්...
දැන් අප සතුව අළුත් ජනකතා එකතුවක් ඇත, අපි ඒවාට Urban Folk Stories කියා කියමු. අපේ ඒ හැම ජනකතාවකම කතා නායකයා ගමරාළ, අපේ මේ Urban Folk Stories වල කතා නායකයා ඇම්ඩා... ඉතින් මට ඇතිවූ සාධාරණ ප්‍රශ්නය කවදාහරි දවසක අපේ සමවයස් සෙට් එක වයසට ගිහින් මුණුබුරෙකුට හරි මිණිබිරියකට හරි කතන්දරයක් කියල දෙනකොට මෙන්න මේ ආකාරයට වෙයි ද කියලා ... "..... ඔන්න එකෝමත් එක කාලෙක හිටියා ඇම්ඩා කියල කොල්ලෙක්. මූ දවසක් ඉස්කෝලෙ ගෙදර වැඩ නොකර ඉස්කෝලෙ ගියා. ටීචර් ආවා පන්තියට ......."
ඒත් ටිකක් කල්පනා කරද්දි හිතුණා ඒක එහෙම නොවේ ය කියලා.. මොකද ජන කතා සහ ඇම්ඩාගේ කතා අන්තර්ගතයන්ගේ ඒ හැටිවෙනසක් කියන්න බැරි උනත් ව්‍යුහයේ තියෙනවා බරපතල වෙනසක් ... ජනකතා හැම එකක් ම සමාජයීය දෘශ්ඨිවාදයට අවසානවශයෙන් විසඳිලා යනවා, එනයින්ම දෘශ්ඨිවාදය ශක්තිමත් කරනවා... හැබැයි ඇම්ඩා හැමදාම කරන්නේ දෘශ්ඨිවාදය සහ ඒ ඇතුලෙ තියෙන තහංචි ටික කඩල දාන එක... ප්‍රබන්ධයකින් දෘශ්ඨිවාදය බිඳ දැමීම ප්‍රශ්ණයක්, ඒකට විසඳුම තමා ඒ බිඳ වැටීම හාස්‍යයක් ලෙස යථාව තුළ යළි ස්ථාපනය කිරීම...
වෙනත් ආකාරයකට කිවහොත් ජනකතාවක ගම හාමිනේ වෙනත් පුද්ගලයෙකු සමග රැයක් ගත කළොත් ඊට පසු දින අඩුම තරමේ වංගෙඩියකින් හෝ ප්‍රහාරයකට ලක් වේ, ඒත් ඇම්ඩා සමහර විට රැයක් ගණිකාවක් සමග ගත කර කුකුළෙකු ද විකුණා රුපියල් බර ගාණක ලාබ පිට ගෙදර පැමිණේ .... ඉතින් ඔබට අනාගතේ දිනක අපි දන්නා ඇම්ඩා ගැන පොඩි උන්ට කියාදෙන්නට වාසනාවක් නැති බව සංවේගයෙන් යුතුව ප්‍රකාශ කරමි.

ටයිටැනික් යට ....
ටයිටැනික් චිත්‍රපටයේ දෘශ්ඨිවාදය ඇතුලට හාරගෙන හාරගෙන යනකොට පේන කරුණු ටික ඉතාම කෙටියෙන් ...
1. The Wizard of Oz මතක ද? ඒ මුළු කතාවම ඩොරති දකින හීනයක් .. යථාර්තය වසා ගැනීම සඳහා මවා ගන්නා සිදුවීම් දාමයක් නැත්නම් යට ගිය යථාර්තය විසින් මවන සිදුවීම් දාමයක්. Titanic කියන්නේ රෝස්ගේ ෆැන්ටසිය ... ඩොරති ඌස් දේශයට ගියා වගේ රෝස් යන්නේ ටයිටැනික් නැවට. නැව ගමනාරම්භ කිරීම ඇගේ ෆැන්ටසියේ ඇරඹුම ... නැව වෙනත් වරායකින් ගමන අවසාන කිරීම කියන්නෙ ඇගේ ෆැන්ටසියේ අවසානය ... ඒ කියන්නෙ මුළු ටයිටැනික් මුහුදු චාරිකාවම කෙල්ලකගේ දවල් හීනයක් ... ඒත් ඇය කවදාවත් ඇගේ ෆැන්ටසිය ඇතුලේ තියෙන නැව වරායකට ගේන්න කැමති වෙන්නේ නෑ .... ඇය නැව මහා සමුද්‍රය මැද ගිල්ලවනවා ... ඇයි .... ??
2. සුරංගනා කතාවල ඉන්න කුමාරිකාවන් 100 ක් ගත්තොත් ඒකෙන් 98% කම විරුද්ධවාදියා ගැහැණියක් ... රපුන්සල්, Snow White, සින්ඩරෙල්ලා, තව එක එක කුමාරිකාවො ගැන සලකල බැලුවොත් විරුද්ධවාදිනිය එක්කෝ නපුරු කුඩම්මා කෙනෙක් නැත්නම් මායාකාරියක් ... මේකට තියෙනවා බරපතල සහ අපූරු හේතුවක් .... ෆ්‍රොයිඩ්ගේ ඉලෙක්ට්‍රා සංකීර්ණය ගාව ගන්න ගියොත් මේක කුණුහරපයක් වන නිසා ඒක ලකාන්ගෙන් විස්තර කරමු ... මහා අනෙකා (Big Other = සරලම විදියට කිව්වොත් සම්ප්‍රදාය, මෙහිදී සම්ප්‍රදාය = රජතුමා කියල හිතාගත්තට වරදක් නෑ.) විසින් දැනට නිර්මාණය කර ඇති ස්ත්‍රී රූපයට අපේ කුමාරිකාවන් සියලු දෙනා යට වෙලා ඉන්නේ, මොක්ද මහා අනෙකා ආකර්ශණය වන්නේ ඔහු විසින් නිර්මාණය කරගත් රාමුවට පමණක් නිසා මේ උදාහරණ වලදි ඒ ස්ත්‍රී රූපය = කුඩම්මා කියල හිතාගන්න. දැන් අපේ කුමාරිකාව කුඩම්මාගේ රූපයට යට වී සිටිය යුතු යි, ඒ එසේ නොවූවහොත් ඇය මහා අනෙකාගේ ව්‍යුහයෙන් පිටතට විස්ථාපනය වන බැවින්. පුරුෂ ව්‍යුහයෙන් පිටත ස්ත්‍රියට පැවැත්මක් නෑ. ඉතින් අපේ කුමාරියො ටික තමන්ගේ පැවත්ම ආරක්ෂා කරගෙන කුඩම්මාගේ හරි මායාකාරියක් යටතේ ජීවත් වෙනවා කුමාරයෙක්, ඒ කියන්නේ වෙනත් පුරුෂ ව්‍යුහයක් ඇයව බේරා ගන්නා තෙක්. මේක විප්ලවයේ ස්ත්‍රීමය අකාරය. දැන් අපිට ටයිටැනික් දිහාට හැරෙන්න පුළුවන්. මෙහිදී මහා අනෙකා = ධනවාදය, කුඩම්මා = රෝස්ගේ ඇඳුම්, ඇය හැසිරිය යුතු අකාරය, ඉහළ පාන්තික සිරිත් ආදී ඈ සිරකල සියල්ල, කුමාරයා = ජැක්, ජැක් ඉහල පාන්තිකයෙක් වෙන්න බෑ, එහෙම උනොත් ඇගේ සිරගෙදරින් ඈ එළියට ගැනීමට ඔහුට නොහැකියි, ඒ නිසා ඔහු නිර්ධන පංතියේ වෙන්න ඕනෙ.
3. දැන් ෆැන්ටසියේ හොඳම තැන.. ඔවුන් නැව තුළදි හමු වෙනවා, කතා කරනවා ප්‍රේමවන්තයින් බවට පත් වෙනවා අන්තිමට ලිංගික එකතු වීමක් දක්වා දුරට යනවා. ඒත් ප්‍රශ්ණයක් නෑ. ප්‍රශ්නය මතු වෙන්නෙ එක්තරා තැනක දි ... ලිංගික එක් වීමකින් පසුව රෝස් ජැක්ට මෙහෙම කියනවා .."මම නැවෙන් බැස්ස ගමන් ඔයා එක්ක විවාහ වෙනවා..." ඔන්න ඔතනදි තමා ප්‍රශ්ණ්ය මතුවන්නේ. නැවේදී ආදරය කිරීම රෝස්ගේ ෆැන්ටසියට අයිති දෙයක්. ගොඩබිමේදී ආදරය කිරීම යථාර්තයට අයිති දෙයක්... එනම් ඈ සැබෑවටම තමා බේරා දෙන ලෙස ජැක්ගෙන් අයැදීමක් කරනවා... එතන දි විකල්ප දෙකක් තියෙනවා. එක ජැක් සුරංගනා කතාවල කුමාරයා කලා වගේ සටන් කොට එනම් විප්ලවයක් සිදුකොට ධනවාදය පෙරළා රෝස් ලබා ගැනීම. අනෙක ආදරය නතර කිරීම. මේ දෙක අතර විසඳුමක් නෑ. මොකද ඔවුන් ජීවත් වෙන්න යන්නේ ධනවාදී ලෝකෙක අතේ සතේ නැතිව ... රෝස් තුන් වන පංතියට පනින්න අවිඥාණික ප්‍රතිරෝධයක් දක්වනවා ... ඒ නිසා රෝස් ඒ මොහොතෙදි සිය ෆැන්ටසිය ඇතුළෙදි අයිස් කන්ද සමග ටයිටැනික් නැව ගැටෙන්න සලස්වනවා .... ඇගේ ෆැන්ටසිය තුළ නැව කිසි දිනෙක ගොඩ බිමට පැමිණිය යුතු නෑ. එය විය නොහැක්කක්.
4. වැදගත්ම තැන දැන්... ජැක් සහ රෝස් දෙන්නම වතුරේ ... ධනවාදී බලවේගය හමුවේ ජැක්ට සහ රෝස්ට එක් වීමක් නෑ එහෙනම් දෙදෙනාගේ ප්‍රේමය කවදාවත් ගොඩට එන්න බෑ. හැබැයි මේ තරම් අමාරුවෙන් මවපු පරමාදර්ශී ප්‍රේමය විනාශ වෙනවා දකින්නත් ඇය කැමති නෑ. ප්‍රේමය පරමාදර්ශී තලයට ඔසවා තබමින් දෙදෙනාගේ එක් වීම නතර කිරීමට ඇයට එක විසඳුමක් තියෙනවා. ඇය තීරණය කරනවා ජැක් ඒ කියන්නේ කුමාරයා අවසන් සටනෙදි මිය යා යුතුයි කියලා. අන්තිමට ඇය තනියම සිය ධනවාදී ලෝකයට පා තබනවා ඒ පරමාදර්ශී ප්‍රේමයක් පිළිබඳ කතන්දරේකුත් අරගෙන..
5. දැන් මේක කියවන කෙනෙකුට එන්න පුළුවන් ප්‍රශ්න අතරේ එකක් තමා මේක රෝස්ගෙ ෆැන්ටසිය වෙන්නෙ කොහොමද රෝස් කියල කෙනෙක් හිටියෙ නෑ නමුත් නැව ඇත්ත. යථාර්තය ප්‍රබන්ධයක ෆැන්ටසියක් වෙන්නෙ කොහොම ද? මෙහිදී යථාර්තය තම ජේම්ස් කැමරන්. අත් මේස් එකට අත වගේ කැමරන්ගේ ෆැන්ටසියේ ස්ත්‍රීමය පර්යාවලෝකය තමා රෝස්ගේ පර්යාවලෝකය .... මේක කැමරන්ගේ ෆැන්ටසිය .... වඩා නිවැරදිව කිවහොත් නිර්ධන පංතියේ විප්ලවය සදාකාලික පරාජයක් යන සම්මත ධනවාදී සංකථනයේ සකේතීය ප්‍රකාශණයක් ....

Subscribe to:
Comments (Atom)