කාරියේ study room එකක බිත්තියක ලියැවුණු කවියක් .... අවුරුද්දකට පසු නැවත වතාවක් කියැවීමි .....
ඒකි මට ආදරෙයිලු.
මාත් ඒකිට ආදරෙයි
ගොඩක් ...
ඒත්, මං පරණ යාත්‍රිකයෙක්
එක තැනක ඉන්න බෑ මට.
මුහුදු සුළඟ කතාකරනව මට
එන්න එන්න
සමුදුර කොඳුරනව මට ...
අත වනන'තර පොල් රුප්පා
සදාතනික සහෝදරත්වය,
අපි අපෙනුත් සමුගන්නා මොහොතක
මං ඒකිටත් සමු දෙනව ....
එදාටත්,
ඒ පාළු ගුරු පාර
තැඹිලිපාට අහස යට
ඔහේ වැතිරිල ඉදීවි නේද? ...
දන්නවද
ඒ මතකයේ පාර දිගේ
ඔහේ ඇවිදගෙන යනව මං
හැමදාම ....
අවසානයක් නෑ,ඇරඹුමක් නෑ
අවතාර විතරයි මතකයක
මගෙ තනියට ඈ වෙනුවට....
මගේ අවසන් ගමනත් යාවි
සමහරවිට,
හදවතේ හිරවුණු ඒ
තැඹිලිපාට හැන්දෑ අහස යට...
ඒ පිස්සු කෙල්ලයි
කාලකණ්නි යාත්‍රිකයෙකුයි
දෛවගත උනු වෙන්වීමකුයි ...
ආයෙත්,
සමුදුර කතා කරනව මට
ආපසු නොහැරෙන ගමනකට
කියාගන්න බැරි තරම් ලොකු ආදරයක්
හිනාවකින් හංගගෙන
සමුදෙනව මං ඒකිටත් ...
GOOD BYE
දඟ නොකර හිටපං.
No comments:
Post a Comment