"ඕකුන්ට ඔහොම වෙලා මදි" මම උඩ ගිහින් බිම නොවැටුණේ විට ආච්චි හැමදාම ඔහොම නිසා. මම පොඩ්ඩක් නතර වෙලා බැළුවා. සමාජ සංස්ථාවේ අපූරු තැනක් දකින්න බලාපොරොත්තුවෙන් තමා මම නතර උනේ, ඔබට ඕනෑ නම් කියන්න මම නතර උනේ ඕප දූප අහන්න උවමනාවට කියල. ඒකත් හරි, දෙකම එකයි.
"වස කාලකණ්නි ටිකක් පුතේ කෙළින් ගියා නම් කෙළින් වරෙන්කෝ. "
මට තාම කොමිටල්. මම බැලූවා ආච්චි ගිරය දික් කර කර පෙන්නපු දිහා. යෝගට් කඩේට පහල පාර අයිනේ නවත්තල තියෙනවා, ත්‍රී විල් එකක්. දෙන්නෙක් විතර ඒක ඇතුළට එබිල බල බල ඇතුළෙ ඉන්න කාට හරි උපදෙස් දෙනවා. මෙන්න එක පාරම ඇතුළෙ හිටපු කෙනා ඔළුව එලියට දාල බකාස් ගාල වමනේ කලා.
"සුද්දගේ ගෑණි බලන්න වගේ මගුල් ගෙවල් වල යනවා. ලැජ්ජ නැතුව හතරගාතෙන් ගෙදර එනවා. අනේ මෙහෙමත් පිරිමි. කලිසම ගලවල උල තියන්න ඕනේ .. නැද්ද පුතා ...?" ආච්චිගේ වාග් චාතූර්යය මාරයි, එෆ්. එම්. එකකට ඇප්ලයි කළානම් ගොඩ.
මම ටිකක් හිනාවෙලා කඩේ පැත්තට ඇවිදගෙන ගියා. ආච්ච් තාම කියවනවා.
"යකෝ බොන්න පුලුවන් තරමට බීපන්කෝ." ආච්ච් ඒ පාර අල්ලගෙන තියෙන්නේ හොස්ටල් එක අතුගාන අංකල්ව. "මහත්තයෙක් වගේ ටිකක් බීල ජාමේ බේරන් වරෙංකෝ, නැද්ද මං අහන්නේ. ඉතුරු ටික මට ගෙනත් දෙන්න තිබුණා. මගෙත් මේ දවස්වල යාන්තම් බඩ රිදිල්ලක් තියෙනවා. රා බිව්ව කියලත් හොඳක් නෑ, බඩ පිරෙනවා විතරයි ... ඔව්...."
මේකත් කොමිටල් ලෝකයක් ... මම කඩේට රිංගුවා ....
No comments:
Post a Comment