යෝගට් කඩේ අංකල්ට නොසිතූ නොපැතූ අවස්ථාවල චේන් පනින බව කැම්පස් එකේ හැමෝ ම දනිති. ඒ අතර බෙන්තර ගඟෙන් එහා පැත්තේ උන් බලෙන් චේන් පන්නා ගන්නා බවත් උන් අත්දැකීමෙන් ම දනිති.
හිත හොඳ පාතල් දවසක් කාරිය පැත්තේ රවුමක් ගසා ඒ හැටි වැඩකුත් නැති තැන ටී එකක් ගැසීමට කියා යෝගට් කඩේට ගොඩ විය. කඩේ සිදුරු වුණු ටකරං තහඩු දෙස බැලූ ඔහු තම හොද හිත පෙන්වීම උදෙසා වචනයක් දෙකක් දැම්මේය.
" අංකල්, අළුතෙන් ටකරං ටිකක් බස්සල පේන්ට් පාරක් දාල ගත්තොත් කොහොමද ? බිස්නස් මෙහෙම කරද්දි උඩ යයි" ඔහු අසුරු සැණක් ගසා යාන්තමට බලපිටි පාට් එකක් දැමීය.
" ඕවට කොහෙද පුතා වෙලාව" අංකල් හිනා වී කීවේය. "මේ බිස්නස් එක මටත් තනියම හැන්ඩ්ල් කරන්න අමාරුයි.ඔව් ඉතින් කියන්න මොනවද ඕනේ?"
" අහ් අංකල් මට ටී එකක් ඕනේ.." පාතල් කීවේය.
" ටී දාන්න බෑනේ පුතා, කරන්ට් එක නෑ වතුර රත් කර ගන්න." අංකල් කීවේය. " ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ උන් ආයෙත් ස්ට්‍රයික් නේ, මහ කරදරයක් ...."
" ඔව් අංකල්" පාතල් දිග සුසුමක් හෙලා ගැඹුරු හඬින් කීවේය." දැන් දේශපාලන තත්වය නම් හරිම නින්දිතයි. හැබැයි හැමදේම වෙනස් වෙයි ඉක්මනට, මම පෞද්ගලිකව දෙශපාලනයේ නිරතවෙල ඉන්න හින්ද මම දන්නව ඒ ගැන හොඳට. හරි හරි අංකල් අපි ඒව අමතක කරල දාමු, එහෙනං අංකල් මට දෙන්නකො ප්ලේන්ටියක්. "
මහ දවල් හෙණ ගහන්නා සේ අංකල්ගේ මල අසූ හාරදාහටත් උඩින් පැන ඇත. අංකල් ඒ මොහොතේ කියූ දෑ පාතල්ට අද ද මතකයට නංවාගත නොහැක. ඒ නිසා මා ද ඒ ගැන නොදන්නෙමි.
කෙසේ හෝ පාතල් වචන ටිකක් හොයා ගන්නට සමත් වී ඇත.
" අංකල් දන්නවද මං කවුද කියල..? " ඔහු කඩේ ටකරං දෙදරන්නට බෙරිහන් දුන්නේය.
අංකල් රාක්කයෙන් කිඹුල බනිස් ගෙඩියක් ගත්තේය. ඒ එය වෙනකෙකුට ඔතා දීම පිණිසය. එහෙත් ඒ මොහොතේ පාතල් පාර පැන කාරිය පිටිපස්සෙන් වැව් බන්ට් එක දිගේ දිව ගොස් කොටේ අමාරුවෙන් තරණය කර බෝඩිමට වැදුණු අකාරය එදා කඩේ වේටින් ලිස්ට් එකේ සිටියවුන්ට තාමත් මතකලු.
Hodata gotapu kathawak.....hoda adahas thiyana lamayek....
ReplyDelete:D
Delete