ඒ අපි බෝඩිමේ ඉඳල කැන්ටිමට බිම බලාගෙන පෝලිම් ගැහිලා යන කාලේ ... හැමදාම එකම ඇඳුමක් ඇඳල සෙරෙප්පු දෙකක් දාගෙන Harry Potter Hogwarts ගියා වගේ අළුත් අමුතු මායාකාරී ලෝකයක් හොයාගෙන ගිය කාලෙ ....
Nightingale ආයෙත් සින්දු කියනවා ... මම ඇවිදගෙන ගියා දුඹුරු පාට ගුරු පාරක ... තැඹිලි පාට හැන්දෑවරුවක ... මුළු ලෝකෙටම ඉතිරි වෙලා හිටියේ අපි දෙන්න විතරයි ... Nightingale දන්නවද කොයි තරම් සුන්දර ද කියල ඒ දවස් ...? නෑ නේද ? මම තාමත් ඒ හැඟීම විස්තර කරන්න විදියක් හොයනවා, අදත් හොයාගන්න බැරි උනා. ඒකයි මං මෙහෙම වැල්වටාරම් ගහන්නේ ...
Walk In The Rain ... එදා වැස්සත් එක්ක තිබුණෙ කාලකණ්නි ගොම්මන් අඳුරක් ... Nightingale යන්න ගියා, නැවත නොඑන්න ම ....
Nostalgia මට උඹට ආදරය කරන්න ද වෛර කරන්න ද කියල හිතාගන්න බෑ ....
ආයෙත් Nightingale .... කොයිතරම් සුන්දර විකාරයක් ද ඇය ... කොයිතරම් මෘදු බිඳෙනසුළු ස්වප්නයක් ද ඇය ... Nut මම කොයි තරම් කියල ඇත් ද එහෙම .....
ඔන්න යානි මේ සමු ගැනීම, අන්තිමට අන්තිමට කාරියවසම් හොස්ටල් එක පුරා උතුර උතුරා වැගිරෙන්න උනේ If I Could Tell You .... ඔව් ... ඇත්තටම මට කියන්න පුළුවන්නම් .... මට කියන්න පුළුවන්නම් මම ඔයාට කොයි තරම් ආදරේ ද කියලා ............................
No comments:
Post a Comment