Sunday, June 12, 2016

නව ලිබරල් මනුෂ්‍යත්වය



මුලින් ම අපිට මානුෂිකත්වය කියන එක හරියට ඩිෆයින් කර ගන්න වෙනවා ... දැන් සෙක්ස් ඕනෙ තරම් තියෙනවා, ඒත් එක්ක ම කොණ්ඩම් තියෙනවා ... අපිට දැන් කිසි කරදරයක් නැතුව මහන්සියක් වෙන්නෙ නැතුව සෙක්ස් කරන්න පුළුවන් චැට් එකෙන්, අතින්වත් අල්ලන්නේ නැතුව ... දැන් ෆෝල් ඉන් ලව් නෑනේ, එහෙම නැත්නම් ආදරයෙන් බැඳීම කියන එක නෑනේ ඒ වෙනුවට තියෙනවා ලිවින් ටුගෙදර්. නව ලිබරල් ලෝකය ඇතුළෙ අපව එකිනෙකාගෙන් ඉතා ම තදින් ඈත් කරල තියෙන්නේ, හැබැයි අප එකිනෙකාට ඉතා ම ළඟ බවට මායාවක් මවල තියෙනවා ... ගෝලීයකරණය අප ළං කලා ද ඈත් කලා ද ? අන්න ඒක තමා සැබෑ ප්‍රශ්නෙ ...

කොණ්ඩම් එකක් සහිතව සෙක්ස් කිරීම යනු ඕකේ අපි විනෝද වෙමු, හැබැයි මට වගකීම ගන්න ඕනේ නෑ කියන එක, සෙක්ස් චැට් කරන එකත් කොණ්ඩම් භාවිතාවක් වගේ තමා, අනෙකා සහ තමා අතර දුර රබර් පටලයේ කාර්යය කරනවා, කිසිදු කැළලක් රහිත ලිංගික අත්දැකීමක් ... ආදරය වෙනුවට ලිවින් ටුගෙදර් ආදේශ වීමත් ඕක ම තමා, හරි අපි එකට නිදා ගමු, හැන්දෑවට වැඩ ඇරිල ඇවිත් කතා කරමු, සෙනසුරාදට ෆිල්ම් එකක් බලන්න යමු, දුක හිතුණම ඔළුව අතගගා කතා කරමු ඒත් මා ඔබ පිළිබඳ වගකීමක් දරන්නේ නැත ...
ලිබරල් මනුෂ්‍යත්වයත් ඔය වගේ ... මට රෝස මල් අහසට වීසි කරන්න පුළුවන්, සෝෂල් මීඩියා පිරෙන්න කවි ලියන්න පුළුවන්, චිත්‍රපට පුරා දුක කියන්න පුළුවන්, කඳුලු බහිනකම් රැඩිකල් සිංදු අහන්න පුළුවන් ඒත් මම දුක් විඳින එකා ගැන වගකියන්නේ නෑ. අන්න ඕකයි ලිබරල් මනුෂ්‍යත්වය ... මතක තියාගන්න, වැඩිපුර අඬනකොට වැඩිපුර කවි ලියවෙනකොට ඒකෙන් කියවෙන්නේ තමා ඒ හා සමානව ම වගකීමෙන් නිදහස් බවක් ...
ඒ නිසා ජාතිවාදීන්ගේ වියරු ඉල්ලීම මෙන් ම ලිබරල්වාදීන්ගේ නරුම ඉල්ලීම ගැන ද එක ලෙස සැලකිලිමත් වෙමු.

No comments:

Post a Comment