
හේගල්ගේ ඩයලෙක්ටික්ස් වල එක නියමයක් ඇත, එය ප්‍රමාණාත්මක වෙනස ගුණාත්මක වෙනස බවට පත් වීම ලෙස හැඳින්විය හැක. උදාහරණයක් ලෙස වතුර නැටීම එක වර සිදුවන්නේ නැත. එක එක ජල අණුව ඒ සඳහා අවශ්‍යය සීමාව ඉක්මවා යා යුතු ය, අවසාන වශයෙන් 'වතුර' හෙවත් ජල අණු වල බහුතරය නැටීමට පටන් ගනියි.
ලංකාව වෙනස් කිරීමට නම් හරි නායකයෙකු පැමිණෙන තෙක් බලා සිටින ඔබට විනාඩි කිහිපයක නිහඬතාවයක් ... හරි නායකයා දෘශ්ටිවාදී ලෙස වෙනස් ලෝකය 'හරි' විදියට පාලනය කරන්නට උත්සහ කරන්නේ නම් එය ෆැසිස්ට්වාදයකි. ෆැසිස්ට්වාදයට අපි වෛරකරමු.
අපි මොහොතකට හේගලියානු වෙමු. දෘශ්ටිවාදය (Ideology) සහ හෙජමොනිය (Hegemony) යන සංකල්ප ගැන සැලකිලිමත් වෙමු. අපි අනෙකා පාලනය කරන නියම බල සබඳතා (power relations) ඔවුන්ට පෙන්වා දෙමු. වටහාගැනීම තුළ අවසාන වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රකාශයක් තුල සිස්ටම් චේන්ජ් එකක් සිදුකරනු ඇත.
සමාජය වෙනස් කිරීමට ඇති එක ම ක්‍රමය එය ය. එය ඉතිහාසය විසින් ද ඔප්පු කර ඇත
No comments:
Post a Comment