Sunday, June 12, 2016

ගෝත්‍රික ශ්‍රී ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය එපා ද ? ග්‍රීසියෙන් ඔවදනක් ...
සොක්‍රටීස් ඝාතනය කල ඇතීනියානු ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්ලේටෝට තිබුණේ ආදරබර හැඟීමක් විය නොහැක. ඔහුගේ රාජ්‍යය පිළිබඳ පරම ආකෘතිය ද ප්‍රජාතන්ත්‍රවාදය නොව රදල පාලනයක් සහ 'සතුටින්' වැඩ කරන කම්කරු පන්තියක් ඇති මී වද රාජ්‍යයකි. ඔහු ප්‍රජාතන්ත්‍රවාදය හැඳින්වූයේ කැරලිකාර යාත්‍රිකයින් සිටින නෞකාවක් ලෙස ය.
කපිතාන් ගැට ගසා, වයින් පීප්ප ටික පෙරළා ගත් කල නෞකා ගමන බර වැඩ සහ දඬුවම් නැති විනෝද චාරිකාවක් වෙයි.
එහෙත් කපිතාන් නැති නාහෙට නාහන උන්ගේ විනෝද චාරිකාව අවසානයේ දී මූදු පතුලින් අවසන් වෙයි.
සියළු දෙනාට ම නිදහස සහ ප්‍රකාශනයේ අයිතිය ලබා දීම විනාශයට හේතු වෙද ?
විනාශ නොවෙන්නට නම් පාලකයාට ඕන දෙයක් කරන්නට ඉඩ දී අපි මී වදයේ කම්කරු මී මැස්සන් සේ ජීවත් විය යුතු ද ?

No comments:

Post a Comment