මේ මගේ වචන
මගේ කාලකණ්නි යක්ෂයා
උත්තරධ්‍රැවය කරා යන
අවසාන ගමනේ දී
නුඹ මා විනාශ කරනු ඇත ...
මගේ කාලකණ්නි යක්ෂයා
උත්තරධ්‍රැවය කරා යන
අවසාන ගමනේ දී
නුඹ මා විනාශ කරනු ඇත ...
දැනටමත් නුඹ
ඇරඹූ සටන ..
මම පළා යමි ...
සීතල ම සීතල රැයක
මරාදමනු ඇත නුඹ
නිර්මාතෘවරයා ...
ඉනික්බිතිව, වචන නුඹ
කතා කරනු ඇත,
හිස් ව ගිය හිම තලා මතුපිට,
මා නොපවතින
වියරු හුණු කළු අහස යට සිට ...
වචන,
මගේ ආදරණිය පුත්‍රයා ...
No comments:
Post a Comment